අපේ රටේ වැවෙන ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යන ඉතා ගුණවත් පළතුරු බොහෝයි. අපි නොහිතනා බොහෝ දේශීය පළතුරු ඉතා මිහිරි රසයකින් යුක්ත වන අතර පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මට්ටමක පවතියි. එවැනි දේශීය පළතුරුවල මිහිරි රසය හා ඒවා නිතර ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක් වළක්වා ගත හැකි බව වර්තමානයේ බොහෝ දෙනෙක් නොදන්නා නිසා බොහෝ අය ඒවා ආහාරයට ගැනීමට මැළිකමක් දක්වයි.
එලෙස බොහෝ අය දන්නා නමුත් හරිහැටි ප්‍රයෝජනයට නොගන්නා ඉතා වටිනා රසවත් හා ගුණවත් පළතුරක් ලෙස උගුරැස්ස හඳුන්වා දිය හැකියි. මෙය ශ්‍රී ලංකාවට ආවේණික පළතුරක් නොවූවත් සෑම ප්‍රදේශයකම පාහේ දැකගත හැකි පළතුරකි. හුඟක් දෙනෙක් නම කිවූ පමණින් හඳුනන උගුරැස්ස වල ඇති ගුණවත් බව ඔබ මෙතෙක් දැන නොසිටියා වන්නට ඇත. යම් කහට ගතියකින් යුතු වුවත් ප්‍රණීත රසයකින් යුත් උගුරැස්ස බාල මහළු කාටත් එක සේ රසවිදිය හැකි පළතුරකි. එමෙන්ම මෙය ඖෂධයක් ලෙස ක්‍රියා කරන අවස්ථාද බොහෝයි. ආයුෂ රැකගැනීමට උපකාරී වන පළතුරක් ලෙස සැලකෙන උගුරැස්සවල මිනිස් හදවතට හිතකර ප්‍රභල ශක්තියක් ගැබ්ව ඇත. එමනිසා මේවා ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග වළක්වා ගැනීමටත් දිගු කාලයක් නිරෝගීව ජීවත් වීමට බලය ශක්තිය ඇති කරගැනීමටත් හැකියාව ලැබෙයි.මෙය මතක ශක්තිය වර්ධනය කරන පළතුරක් වන අතර ශරීරයේ පෘෂ්ඨිමත් බව ඇති කරගැනීමට උදව් කරයි.
මෙම පළතුර ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති පළතුරක් ලෙස දැක්විය හැක. ඊට හේතුව වන්නේ බුද්ධ කාලයේ බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හට විනය නීතියක් පනවා අකාලයේ ආහාර වැළදීම නොසුදුසු බව දේශනා කළ අතර එයට සහන පිළිවෙතක් ලෙස දහවලේදී වැළදීම සඳහා අෂ්ඨ පාන දේශනා කරන ලදී. එලෙස දේශනා කරන ලද අෂ්ඨ පානවලින් එකක් වන්නේ උගුරැස්ස යි.එමනිසා මෙය දීර්ඝ ඉතිහාසයක් ඇති වටිනා පළතුරක් ලෙස හඳුනාගත හැකියි.
මෙලෙස දීර්ඝ ඉතිහාසයක් ඇති උගුරැස්ස අපට ගෙන දෙන උදව්වන ආකාර බොහෝයි.මෙය අපගේ ආහාර ජීරණයට උදව් වන පළතුරක් වන අතර ඕනෑම කෙනෙකුට සැහැල්ලුවෙන් කුසගින්න වඩවන ආහරයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමනිසා කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් කෑම අරුචියෙන් පෙළෙන අවස්ථා වලදී කෑම රැචිය වැඩි කරවා ගැනීමට මෙම පළතුර ආහාරයට ගැනීම යෝග්‍ය වනු ඇත.එමෙන්ම සෙංගමාලය නම් රෝගයටත් ඖෂධයක් ලෙස උගුරැස්ස යොදා ගනු ලබයි.
අපගේ සිරුරේ ලේ පිරිසිදු කිරීමට බෙහෙවින් උපකාරී වන නිසා ශරීර වර්ණය ඇති කිරීම සිදු කරන උගුරැස්ස, වැඩි වැඩියෙන් ආහරයට ගැනීම මඟින් අප ශරීරයේ වර්ණය හොඳින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන බව බොහෝ දෙනෙක් නොදනී.
මෙවා අමුවෙන් ආහාරයට ගැනීමද සිරුරට යෝග්‍ය වන අතර මේවායේ ඇති කහට ගතියත් සෞම්‍ය සැහැල්ලු ගතියත් නිසා ලේ දෝෂ සමනයටත් ශරීරයෙන් පිටවන පෝෂ්‍ය පදාර්ථ පාලනය කිරීමටත් හැකියාව පවතී.එම නිසා මේවා ආහාරයට ගැනීම මඟින් දියවැඩියාව වැනි රෝග ත්ත්ව පාලනය කරගැනීමට හැකියාව ලැබෙයි. දියවැඩියාවෙන් පෙළෙන අය මේවා අමුවෙන් ආහාරයට ගැනීම හා උගුරැස්ස පොතු තම්බා ගත් ජලය පිරිසිදු මී පැණි තේ හැඳි එකක් සමඟ උදේ හවස පානය කිරීමද යෝග්‍ය වේ. තවද උගුරැස්ස පත්‍ර තම්බා ගත් ජලය තුවාල සේදීමටත් ඉතාමත් සුදුසුය.
එමෙන්ම පිත් රෝග හෙවත් සිරුරේ උෂ්ණාධික දැවිල්ල ඇතිකරන රෝග රැසක් සමනය කිරීමේ ප්‍රභල ඖෂධීය ගුණයක් උගුරැස්ස වල පවතී. මූත්‍රා දැවිල්ල හා වෙනත් මුත්‍ර දෝෂ වලදී ද කාන්තාවන්ට පවතින ඇග උණුකරවා යෑමේදී ද උගුරැස්ස ඉතා ගුණදායකය.
ඔබ මින් පෙර උගුරැස්ස ගෙඩියක රස බලා තිබෙන්නට ඇත. නමුත් උගුරැස්ස යනු මෙතරම් ගුණදායක ඖෂධයක් බව ඔබ මින් පෙර නොදැන සිටින්නට ඇති බව අපි සිතමු.මෙම ලිපිය මඟින් ඔබ යම් දැනුමක් ලබාගන්නට ඇතැයි අප විශ්වාස කරමු.ඉතින් මෙතරම් දීර්ඝ ඉතිහාසයක් ඇති බුදුන් වහන්සේගේ කාලයේ පටන් ප්‍රයෝජනයට ගන්නා ලද මේ උගුරැස්ස ශාකය රැක ගැනීම අපගේ වගකීමය. එමෙන්ම මේ ආකාරයෙන් ඉතාමත් ගුණ රාශියක් ඇති උගුරැස්ස ආහාරයට වැඩි වැඩියෙන් එකතු කර ගෙන එයින් නොමිලේ ලබාදෙන ප්‍රතිලාභයන් අත්කර ගනිමු.
☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁
No comments:
Post a Comment