අලුත් අමුත්තා - Sinhala Poem
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
මමයි ගෙදර රජා කියා
මෙතෙක් කලක් සිතුවේ මම
නිදහසෙ මුළු ගෙදර පුරා
නැටුවේ සතුටින් දුව පැන..
අපෙ හුරතල් බෝල ගෙඩිය
ගෙදර සැවොම කීවේ මට
ඒ සැමගෙම ආදරයට
හුරතල් වී හැදුණේ මම..
අලුත් අමුත්තෙක් එනවලු
අම්මගෙ තුරුලට ළඟදිම
මේ ලොකු බණ්ඩිය ඇතුළෙලු
අනේ එයා ඉන්නෙ තාම..
බයක් දැනෙනවා දැන් දැන්
මගේ පුංචි හිත ඇතුළට
අමුත්තා ආ පසු සැමටම
අමතක වේවිද මෙමාව..
Poem by Pramodi Permuna 💜️
තවත් මෙවැනි කවි නිසඳැස් කියවන්න මෙතන click කරන්න
2 comments:
Nice poem promo 😍😍😍
Thank You ❤️
Post a Comment