Tuesday, 4 June 2019

පෙම්වතෙක් මමත් පෙරදා - Sinhala Short story by Pramodi Peramuna

පෙම්වතෙක් මමත් පෙරදා - Sinhala Short Story


අරමුණක් නොමැතිව සාප්පු සංකීර්ණයේ ඔහේ ඇවිදිමින් සිටි මා තිගැස්සී ගියේ කිසිවෙකු මගේ ඇගේ හැපීම නිසයි..

"ඔහ් අම් සොරි.."

ඇසුණු කාන්තා හඩ සුපුරුදුය..

මා හිස ඔසවා බැලුවෙමි..
මගෙන් සමාව ඇයදූ කාන්තාව පිටුපස හැරී යනු දුටුවෙමි..

මගේ මුළු ගතම ගල්ගැසී යනු දැනුණි..
මට වරදින්ට විදිහක් නැත.. මේ ඇය මය..

ඒ දිගු වරලස, සිහින් සිරුර මා අමතක කරන්නේ කෙසේද..?

ශ්වේතා..මගෙ ශ්වේතා..

මා ඇය පසුපස දිව ගියේ පිස්සෙකු මෙන්ය..

"ශ්වේතා.."

මා ඇයගේ උරහිසට තට්ටු කර ඇය නැවැත්වූයෙම්..

පිටුපස හැරුණු ඇය පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටින්නට විය..

"ශ්වේතා.."

මා නැවතත් ඇය ඇමතුවෙමි..

"සොරි මිස්ටට මොකක් හරි වැරදීමක් වෙලා..මං ශ්වේතා නෙමෙයි මං අහිංසා.."

"නෑ මට වරදින්න විදිහක් නෑ.. ඔයා මගෙ ශ්වේතා..ඔයා මගෙ ශ්වේතාම තමයි.."

මා ඇයගේ උරහිස් වලින් අල්ලා සොලවමින් කෑ ගැසුවේ උමතුවෙනි..

"මේ මිස්ට ප්ලීස් මාව අත අරිනවද..මං අහිංසා..ෂුවර් නැත්තම් මේ බලන්න මගෙ ID එක.."

ඇය බෑගයෙන් ගත් හැදුනුම් පත මා වෙත පෑවාය..

අහිංසා සිතුමිණී දිසානායක..

එහි සදහන්ව තිබුණි..

මේ මගේ දෙනෙත් ඉදිරිපිට සිටිනුයේ පෙරදින මා පෙම්කල  යුවතිය නොවේයැයි මා කෙලෙස විශ්වාස කරන්නද.. සිනහවෙන්, කතාවෙන්, බැල්මෙන්, හැඩරුවෙන් ඈ ශ්වේතා මය..

"සොරි"

පරාජිතව මා ඇගෙන් සමුගතිමි..

වෙළඳ සංකීර්ණයේ පසෙකට වූ මා නැවතත් කල්පනාවට වැටුණෙමි..

ඇය නිවැරදිය..

මීට වසර කිහිපයකට පෙර රිය අනතුරකින් මියගිය මා පෙම් කල ශ්වේතා දැන් මිහිපිට නොමැත..
එය දැන දැනම මොහොතකට හෝ ඇය තවමත් ජීවතුන් අතර බව සිතූ මා මෝඩයෙකු වන්නට ඇත..
එහෙත් ඒ මගේ හිතේ ඇය වෙනුවෙන් ඉපදුණු නොමියෙන සෙනෙහසයි...


**********************************************************************************************

හිත මගේ තවමත් ඔබ ලග කියලා
ඔබ නම් දන්නැති ගානයි..
හදවත පතුලේ ඉකිබිඳ හඩනා දුක නම්
ඔබ මා හැර යාමයි..

තනිවුණත් මෙලෙස අද මා,,
පෙම්වතෙක් මමත් පෙරදා.. 😢

(ගීතය උපුටා ගැනීමකි.)

Short story by Pramodi Peramuna 💜



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

තවත් කතා කියවීමට මෙතන click කරන්න.

පියාසරන සිතුවිලි - Flying Thoughts




No comments: