Wednesday, 10 July 2019

නොකියූ පෙම - Sinhala poem by Pramodi Peramuna

නොකියූ පෙම - Sinhala poem 




දුටුවා දිනෙක නුඹෙ නෙතු හොරැහින් වාගේ
හිරිවැටුණා නොසිතූ ලෙස සිත මාගේ
එදින ඉඳන් පෙම් කෙරුවා තනිව මෙසේ
පවසන්නට බෑ නුඹ වෙත හැඟුම් මගේ..

යන්නට වුණා නගරය හැරදා ලඟදී
ඉන්නේ කොහොම තවත් හිතට වඳ දිදී
මං මහ හුඟක් පෙම් කරනෙමි තනි වෙවී
නුඹට කොහොම කියම්ද එය මියුලැසී..

හමන පවන් රැල් ගෙන එයි සුවඳ ඔබේ
බලන බලන තැන පෙනේවි රැවම ඔබේ
ගමට වෙලා තවමත් මගෙ හිත ලතැවේ
පවසන්නට මෙය නුඹ යළි සොයනු කෙසේ..

Poem by Pramodi Peramuna 💜️




තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.

පියාසරන සිතුවිලි - Flying Thoughts


No comments: