මුතු වරුසා මැද - Sinhala poem
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
මුතු වරුසා මැද
නුඹෙ අත ගෙන මම
ඉරණම් ගමනක්
අරඹමි අද සිට..
භවයෙන් භවයට
යශෝධරා ලෙස
මා පසු පස ආ
පතිනිය ඔබමය..
දිවියේ දුක සැප
එකට බෙදාගෙන
දිගු ගමනක් යන්නට
ඇත අප හට..
මට හැක පණ මෙන්
නුඹව රකින්නට
මියෙන තුරා ලඟ
ඉන්නම් සොඳුරිය..
Poem by Pramodi Peramuna 💜️
තවත් කවි හා නිසඳැස් කියවන්න මෙතන click කරන්න.
No comments:
Post a Comment