Friday, 19 July 2019

සැනසුම දැන් ලඟය - Sinhala Poem by Pramodi Peramuna

සැනසුම දැන් ලඟය - Sinhala Poem 




පාසල් වියේ සිට දුටු සුබ සිහිනය
සැබෑවක් වී ඇත අප දෑස් ඉදිරිපිට
අපි එකට පියනැඟි රුදුරු මාවතට
මල් වැසි වසිනට පටන්ගෙන අද..

එකම සරසවියෙ එකම දිනයක
නොහැකි වූවත් කිරුළු පළදින්න
නුඹ ලොව දිනන හැටි දකින විට
සතුට ඉහිලුම් නොදෙයි මසිතට..

ජීවිතේ ඇදගෙන වැටුණු තැන්වල
සවියක් වුණේ නුඹයි මට සැමදින
දෙමවිපිය සොයුරියන් හැරුණු විට
මගේ සෙවණැල්ල නුඹම පමණය..

නුඹට පතමින් හද පිරි සුබ පැතුම
දිව එමි මමත් අපේ ඒ අරමුණට
සිත ඉල්ලුවත් නුඹ ලඟම දැවටෙන්න
ඉවසා හිඳින්නම් සැනසුම දැන් ලඟය..

Poem by Pramodi Peramuna 💜️




(Special Thanks for Nadeesha & Kasun)
❤️❤️❤️

තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.

☁ පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: