Saturday, 20 July 2019

ලේන් නින්ද - Sinhala Poem by Pramodi Peramuna

ලේන් නින්ද - Sinhala Poem 




ඇඟිලි තුඩු වල උණුසුමට
ගුලිවෙලා නිදන අපූරුව
දකින විට සිතෙයි මට
මේ ලෙසට අසන්නට..

"සනීපද ඇත්තටම
උණුසුමක් දැනෙනවද
නුඹේ සියුමැලි සිරුරට
ඇඟිලි තුඩු බර නැතිද..?"

ඇසුවත් නොතේරේ නුඹ හට
හීන සයුරක ගිලී ඇත නුඹ
ඉරිසියාවකි දැනෙන්නේ මට
විඳිනු බැරි නිසා ඔය සනීපය..

Poem by Pramodi Peramuna 💜️




තවත් කවි හා නිසඳැස් කියවන්න මෙතන click කරන්න.

පියාසරන සිතුවිලි - Flying Thoughts


No comments: