Monday, 29 July 2019

යුද පිටියේ ප්‍රේමය - Sinhala Poem by Pramodi Peramuna

යුද පිටියේ ප්‍රේමය - Sinhala Poem  



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

සැමදා ගිනි අවි හුරුවූ දෑතේ
මල් කළඹක් අද ඇත රැඳිලා
ජාතිය වෙනුවෙන් උණු වුණු හිත ලඟ
පෙම් හැඟුමක් විකසිත වීලා..

නුඹත් මමත් යුද පිටියට යන්නේ
එකම අරමුණක් හිතේ තියා
දැන සිටියත් දිවි අවිනිශ්චිත බව
බැහැ ඉන්නට මා පෙම සඟවා..

රට වෙනුවෙන් දිවි පුදනට කලියෙන්
නුඹෙ පෙම මට ලැබුණොතින් මෙදා
හිත සතුටින් මියැදෙන්න හැකියි මට
නුඹෙ පෙම හද පතුලේ රඳවා..

Poem by Pramodi Peramuna 💜️




☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁


No comments: