ඉවසුමක් නෑ පුතේ අම්මාට - Sinhala Poem
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
ලේ කැටි අත් පා සොලවමින්
නුඹ කුස ඇතුළෙ දඟලනකොට
ඉවසුමක් නෑ පුතේ අම්මාට
නුඹෙ මුහුණ දැක ගන්න..
මාස ගණනාවක් පෙරුම් පුරමින්
පැතුම් පැතුවේ මවක් වෙන්නට
ඒ වරම මට ගෙන ආවෙ අද
නුඹයි මගෙ පුතේ දන්නවද..?
දින සති මාස ටිකෙන් ටික ගෙවෙමින්
ලං වෙනවා ඒ සොඳුරු දින
පුංචි පුතු වී ඉක්මනින් හෙට
මගේ දෝතට එනවාද..??
Poem by Pramodi Peramuna 💜️
තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.
No comments:
Post a Comment