11-D අපේ පන්තිය..( #KGHS #2010_OL )
11-D අපේ පන්තිය කියලා පටන් ගත්තට මට ලියන්න ඕන වුණේ අපේ D පන්තිය ගැන. 😊 ඇත්තටම කියනවා නම් උසස් බාලිකා මව් තුරුලෙ ගෙවුණු අවුරුදු කිහිපය ඇතුලෙදි මං මගෙ ජීවිතේ ගොඩක්ම ආස කරපු කාලෙ තමයි OL කරපු කාලේ.. ප්‍රශ්න නෑ වගකීම් අඩුයි ඔහේ පිස්සු නට නට හිටපු කාලයක් ඒ..
මට වගේම අපේ පන්තියේ හැමෝටම ඔලුවට තිබ්බ එකම වගකීම හොදට OL Exam එක කර ගන්න එක විතරයි..ඒත් එහෙමයි කියලා අපේ පන්තිය පිස්සු නටන එකේ නම් අඩුවක් කරේ නෑ.. 😃
අපේ මේ අපූරු පන්තිය නිර්මාණය වුණේ 2008 දි.ඒ 9 වසරෙදි පන්ති බෙදුවට පස්සෙ.9 වසරෙ ඉදන් 9-D, 10-D, 11-D විදිහට අවුරුදු තුනක් අපි හැමෝම එකා වගේ අපේ D පන්තියට බැඳිලා හිටියා.. ඇත්තටම ඒ බැඳීම හරි පුදුමාකාර බැඳීමක්.. ❤️
T- Talented
E- Educated
N- Naughty
D- Dragons 🐉
TEN-D
10 වසරෙදි Band show එකේ souvenir එකකට අපි දාපු ඇඩ් එකේ තිබුණෙ එහෙම..😉
අපේ පන්තියෙ හිටපු යාලුවො ගැන කියනවා නම් ජොලියෙන්ම හිටපු යාලුවො සෙට් එකක් අපේ පන්තියෙ හිටියේ..අපේ පන්තියෙ ඇතුළෙ තරහ කාරයො හිටියෙ නෑ..හැමදාම හැමෝම එකා වගේ එකමුතුව හිටියා..ඕනම ප්‍රශ්නෙකට මූණ දෙන්න අපේ ඒ එකමුතුකමේ ශක්තිය අපිට උදව් වුණා.. ඒ වගේමයි පන්තියම එකතු වෙලා එකට punish වුණු දවසුත් නැත්තෙම නෑ.. වෙලාවකට එක්කෙනෙක් දෙන්නෙක් කරපු වරදක් නිසා මුළු පන්තියටම punish වෙන්න වුණු වෙලාවල් තිබුණා.. ඒත් නිහඬවම මුළු පන්තියම ඒ දඬුවම වින්දා මිසක් කවදාවත් වැරැද්ද කරපු කෙනාව පාවලා දුන්නෙ නෑ.. ඒ තමයි අපි අතර තිබුණු බැඳීම.. 😍
අපේ පන්තියට උගන්නපු ගුරුවරුත් අපිට ගොඩාක් ආදරේ වුණා.. අපිත් එහෙමයි.. ඒ දවස්වල අපි හැමෝටම පුංචි Stress එකක්වත් නොදැනුණ period එකක් තිබුණා. ඒ තමයි බුද්ධ ධර්මය period එක.. ඇත්තටම අපි ගොඩාක් ආස කරපු period එක තමයි ඒ. මොකද ඒ period එකේදි විශය කරුණු වලට අමතරව ජීවිතේට වැදගත් වෙන ගොඩාක් කරුණු අපි ඉගෙන ගත්තා.. හැබැයි ඉතිං සමහර periods කට් කරන්න ඉස්කෝලෙ තැන් තැන්වල හැංගි මුත්තම් කරපු වෙලාවලුත් නොතිබුණාම නෙමෙයි.. 🙈
අපේ 11 වසර පන්තිය තිබුණෙ හන්තාන කන්ද හරි ලස්සනට පේන තැනක.. පන්තියෙ හුදෙකලා වුණු වෙලාවට වගේම ඉගෙන ගන්න වෙලාවල් අතරතුරත් Term tests ලියන අතරතුරත් ඈතින් පේන හන්තාන කන්ද දිහා බලාගෙන අපි කොච්චර නම් දේවල් කල්පනා කරන්න ඇත්ද..මේ අද වගේ කවදා හරි දවසක ඒ මතක මතක් කර කර හිනා වෙන්න පුළුවන් වෙයි කියලා නම් එදා හිතුණෙ නෑ.. 😃
AL කරන්න පාරවල් කීපෙකට බෙදිලා අපි හැමෝම විසිරිලා ගියා තමයි. ඒත් ඒ වෙනකම් හැම වාරෙකම නිවාඩු දෙන දවසට එකට parties organize කරපු හැටි, party එක දවසට පන්තිය ඇතුලෙ පුංචි කෑම මේසෙ අඩුවක් නැතුව එකේක කෑම බීම වලින් පිරිලා ගියපු හැටි, වෙසක් එකට පන්තියම එකතු වෙලා වෙසක් කූඩු හදලා ලස්සන බලපු හැටි, school trips වලදි උගුර ලේ රහ වෙනකම් සින්දු කියපු හැටි විතරක් නෙමෙයි OL ඉවර වෙලා තියෙන concert එකට dancing steps හදපු හැටි, ඊට පස්සෙ ඔක්කොමලා එකතු වෙලා ඒවා practice කරපු හැටි, concert එක දවසෙ දවස් ගානක අපේ මහන්සිය හරි ලස්සනට එළියට දාපු හැටි, මේ හැමදේම අපි හැමෝගෙම ජීවිතවලට ලස්සන මතක එකතු කරා.. 💕
ඇත්තටම අද වෙනකොට ඒ සුන්දර දවස් අවුරුදු 10ක අතීතයකට එකතු වෙලා ඉවරයි.. ඒ කියන්නෙ අපිත් දැන් නොදැනිම වයසට ගිහින්.. 🤭
අපේ ඒ පුංචි පන්තියෙ බිත්ති 4 ඇතුළේ කොච්චර නම් සුන්දර දේවල් වෙන්න ඇත්ද.. අපේ කෑ ගැහිලි හිනා හඬවල් ඒ බිත්ති අතරෙ කොයි තරම් නම් රැව්පිළිරැව් දෙන්න ඇත්ද..දැන් අපිට ඒ හැමදේම හරිම සුන්දර මතකයක් විතරයි..අපි තවත් වයසට යයි.. ඒත් මේ සුන්දර දවස් මැරෙන තුරාවට අපේ හිත් වල අමරණීය වේවි.. 💕
"අවසන් දවසේ අවසන් පැය තුළ
කෙතරම් ලතැවුල් වින්දාදෝ..
අපට පුරුදු ඒ පුංචි පන්තියේ
කෙතරම් සෙනෙහස වින්දාදෝ..😢"
ප.ලි. කවිය හිමාෂි මගේ autograph එකේ ලියපු එකක් ❤
2 comments:
ජීවිතේ සුන්දරම කාලෙ ❤❤
♥️♥️
Post a Comment