අරුමයකි මේ සෙනෙහස..❤️ Sinhala Poem by Pramodi Peramuna
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
අහඹුවක් ලෙස හමුවුණ
ඇසට ඇස මුණ නොගැසුණ
අරුමයකි මේ සෙනෙහස
හුරුපුරුදු බව ගෙන එන..
නිදන නොනිදන හැමවිටෙක
සිහිනයක් සේ ලඟ රැදෙන
භාවනාවකි නුඹ මට
සිත පහන් කරවන..
ඇසිපිය සලන වේගයට
ඉගිලිලා රහසේම කාලය
මගේ මුළු හිත පුරා නුඹ
ලැඟුම් අරගෙන මටත් නොදැනිම..
Poem by Pramodi Peramuna 💜️
තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.
කෙටි කතා කියවීමට මෙතන click කරන්න.
My Thoughts වෙත පිවිසීමට මෙතන click කරන්න.
No comments:
Post a Comment