Tuesday, 7 May 2019

ඇහැරෙන්න සමනලිය Short Story by Pramodi Peramuna

ඇහැරෙන්න සමනලිය - Sinhala Short Story


වටපිටාවෙ ලස්සනට වශී වෙලා හිටපු එයා මගේ අතත් අත ඇරලා නිදහසේ දුවන්න පටන් ගත්තෙ හරියට කිරිල්ලියක් වගේ. දුවගෙන ගිහින් එයා නතර වුණේ කන්ද පාමුල. එයා හිටියේ ගොඩාක් සතුටින්. එයා වෙනදටත් වඩා ගොඩාක් හිනා වුණා. මං එයා දිහාම බලන් හිටියා.එයා අද හරිම ලස්සනයි සුරංගනාවියක් වගේ කියලා මට හිතුණා.
එක පාරටම මං දැක්කෙ එයා කදු බෑවුම පැත්තට යනවා.

"සුදු නංගී ඔහොම නවතින්න ඔයා වැටෙයි.."

මං හයියෙන් කෑගැහුවා ඒත් එයා ඇහුවෙ නෑ. මං එයාව අල්ලගන්න දුවගෙන ගියත් මං පරක්කු වැඩි වුණා. එක තප්පරේකට එයා මං දිහා බැලුවා.

"මට යන්න ඕනේ මගෙ සුදු අයියා. බුදුසරණයි.."

එයා කිව්වේ එච්චරයි.එක පාරම එයා බෑවුම පහළට එබුණා. ඒ මං එයාව දැක්ක අන්තිම පාර.

"සුදු නංගී.. මොනාද මේ කරේ.. ආපහු එන්න මගෙ මැණික.. මට ඔයා ඕනේ..
සුදු නංගී...."

කන්ද පාමුලට වෙලා මං විලාප දීලා කෑගැහුවත් එයාගෙ ඡායව වත් මට පෙනුණෙ නෑ.

"අනේ මගේ සුද්දී.."

එක පාරටම ඉද්ද ගැහුවා වගේ මට ඇදේ ඉන්ද වුණේ හොදටම දාඩිය දාලා. දෙවියනේ ඒ හීනයක්. මොනාද මං මේ දැක්කේ.තාමත් මගෙ පපුව හැගෙනවා. අර හීනෙ සුදු නංගිව මතක් වෙලා ආයෙත් මං හිරිවැටිලා ගියා.මගෙ සුදු නංගිට කරදරයක්ද. මුළු ඔළුවම විකාර වෙලා වගේ මට දැනුණෙ.. මං ඉක්මනට ෆෝන් එක අතට ගත්තෙ එයාට කෝල් කරන්න.දෙවියනේ වෙලාව දවල් දොළහටත් ලගයි.මට මෙච්චර වෙලා නින්ද ගියාද.

"සුදු අයියා ගුඩ් මෝනින්.. මං ඔෆිස් යන්න ලෑස්ති.ඔයා නිදි නිසා මං ඇහැරවන් නෑ ඔන්න. ඊයෙ ඔයා එද්දිත් පාන්දර වුණානේ. සුබබබබ... ආරන්චියක් කියන්නද..?? අද අප්පච්ච් ඔයාට කතා කරනවා කිව්වා. මට ගොඩාක් සතුටුයි සුදු අයියා.. මේ... නිදිමතේ එහෙම කතා කරලා මාමණ්ඩිගෙන් ලකුණු කපා ගන්නෙ එහෙම නෑ.. උම්මා.. එහෙනම් මගෙ සුදු අයියා පරිස්සමෙන් බුදු සරණයි.."

කෙල්ල මැසේජ් එක දාලා තියෙන්නෙ උදේ හයට. එයා කිව්වා වගේම මිස්ඩ් කෝල්ස් පහයි. ෂුවර් එකට සුදු නංගිගෙ අප්පච්චි වෙන්න ඕනෙ. පටන් ගද්දිම මගෙ කාඩ් කුඩුනෙ. ෂිට් මට මෙච්චර වෙලා නින්ද ගියානෙ. මං කෝකටත් කියලා ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.

"හෙලෝ පුතේ.. මං හිරුණිගෙ අප්පච්චි.."

"ඔව් අප්පච්චි කියන්න. අනේ සමාවෙන්න ඕනෙ මට ටිකක් වැඩිපුර නින්ද ගියා.ඊයේ පාන්දර ගෙදර ආවෙ. ඒකයි.."

"පුතේ පුතාට පුළුවන් නම් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න පුළුවන්ද..?"

"කවදටද අප්පච්චි..?"

"දැන් එන්නකො පුතේ.. අපි ඇවිත් කතා කරමු.. මං තියන්නම්.. පුතා පරිස්සමට එන්නකෝ.."

"හරි අප්පච්චි.."

හුගාක් සන්සුන් විදිහට කතා කරන්න උත්සහ කරත් අප්පච්චිගෙ කටහඩේ හරි අමුත්‍තක් තියෙනවා වගේ මට දැණුනා. මං ගැන අහිතක් හිතුණවත්ද..?

දැන් ඒ ගැන හිතලා වැඩක් නැති නිසා මං ඉක්මනට ලෑස්ති වෙලා පාරට බැස්සෙ සුදු නංගිගෙ ගෙදර යන්න. සුදු නංගිට කෝල් කරාට එයා ආන්සර් කරේ නෑ. කෙල්ල බිසී ඇති. මං කෙටියෙන් එයාට මැසේජ් එකක් දැම්මා. මං ගෙදර යනවා කිව්වම කෙල්ලට ගොඩාක් සතුටු හිතෙයි. මටත් බලාපොරොත්තු හුගාක් එක්ක හිතට දැනුණෙ සතුටක් වුණත් උදේ දැකපු හීනෙත් එක්ක වෙන දවසක වගේ සතුටු වෙන්න මට පුළුවන් කමක් තිබුණෙ නෑ. විටින් විට ඒ හීනෙ මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා.

තුන් මං හන්දියෙන් බැහැලා කෙලින්ම යද්දි තමයි සුදු නංගිලාගෙ ගෙදර. මං ඒ පැත්තට ඇවිදගෙන ගියේ සුදු නංගිගෙ අප්පච්චි මට මොනා කියයිද කියලා හිතේ පොඩි චකිතෙකුත් එක්ක. මං යනකොටම දැක්කෙ මිනිස්සු ටිකක් එකතු වෙලා සුදු කොඩි වැල් අදිනවා. ඇයි මේ සුදු කොඩි..?

අහ් එතකොටයි මට මතක් වුණේ සුදු නංගිගේ අත්තම්මට හුගක් අමාරුයි කියලා සුදු නංගි මට කිව්වා. ඩොක්ටර්ස්ලා කිව්වලු බේර ගන්න බැරිවෙයි කියලා. එයා අත්තම්මට හුගක් ආදරෙයි. පව් මගේ කෙල්ල දැන් හොදටම අඬනවා ඇති. මට ඉක්මනට එයාව බලන්න ඕන කමක් දැනුණා.

මං අඩිය ඉක්මන් කරා. ඒ සුදු නංගිව බලන්න. ගේ ඇතුළේ මගෙ සුදු නංගි හිටියා. එයාව වට කරගෙන ගොඩාක් කට්ටිය. මට එයා ගාවට යන්නවත් ඉඩක් නෑ..

"අනේ මගෙ සුදු මැණික.."

මං විලාප දුන්නෙ පිස්සෙක් වගේ. සාලෙ මැද පෙට්ටියක හිටියෙ අත්තම්මා නෙමෙයි මගෙ රෝස මල.

"පොඩ්ඩකට ගෙදරින් එළියට බැස්සත් මට කියලා යන ඔයා කොහොමද මෙච්චර දුර ගමනක් මට නොකියා යන්නෙ මගෙ පණ.. අනේ මාවත් එක්කන් යන්න රත්තරනේ.. මට ඔයා නැතුව ඉන්න බෑ.."

"කහ ඉරේදි ලොරි කාරයෙක් මගෙ අහිංසක කෙල්ලව යට කරගෙන ගිහින් රත්තරන් පුතේ.."

මාව වාරු කරගත්ත අප්පච්චිගේ බිඳිලා ගියපු කටහඬ මගේ කණ කොණකින් හීනෙකින් වගේ ඇහුණා..

****************************************************************************************************

හිනැහෙන්නෙ ඇයි ඔහොම
වාවන්නෙ නෑ හිතට
මම අසරණයි පුංචි පෙම්වන්තියේ..
නෙතු තද කරන් ඉන්නෙ
නැතුවාද ඇහැරෙන්නෙ
අවසන් ගමන් යන්න සැරසීලදෝ..

Short story by Pramodi Peramuna 💜️





තවත් කතා කියවීමට මෙතන click කරන්න


පියාසරන සිතුවිලි - Flying Thoughts



1 comment:

Anonymous said...

������