Tuesday, 28 May 2019

ගිම්හානය ඇවිදින් - Sinhala poem by Pramodi Peramuna

කතරක අහස යට හිඳ - Sinhala poem



(Photo by me)

සීත කාලයේ නිමාව
ලං වෙමින් ඇති බව
පීදෙමින් එන ඉඳමල්
ඉඟි කරයි හෙමිහිට..

වැලි කතරෙ වැලිකැට
රත් වෙලා පුපුරන
ගිම්හානයේ ඉර මල
රැස් විහිදවයි හොරැහින්..

මල් කැකුළු මැලවෙන
දහදියෙන් ගත දැවෙන
විඩාබර ඒ සමය
ලං වෙලා නොදැනීම..

දැන් ඉතිං බලා ඉමු
ඉක්මනින් නිවෙන තුරු
පමා කළ නොහැකි වුණු
ගිම්හාන ගිනි සිලුව..

Poem by Pramodi Peramuna 💜️




පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: