ගහයි වැලයි - Sinhala Poem
(Photo by RMPDK ❤️)
සෙවණ සදන මහ රුක නුඹයි
නුඹේ සියොළඟ වෙළී සිරවී
සිහිල විඳින ජීවය මමයි..
මහා අව් වැසි කිසිවකින් නැත
සියුම් රිඳුම්වත් මට දැනුණේ
තනිව නුඹ ඒ සැම දරාගෙන
සුරැකියා මා හැමදිනේ..
ගෙවී යන හැම නිමේෂයකම
බියක් තනියක් නොම රැඳුණේ
රැයත් දහවලත් එක වගේ නුඹ
මගේ සෙවණැල්ල වී සිටියේ..
නුඹේ ගතේ සවිමත් පහස
මගේ හිත තව දිරි වැඩුවේ
නුඹේ පහසේ තවත් වෙළමින්
දිවි ගෙවන්නට ලොබ සිතුණේ..
නුඹේ සෙනෙහෙන් ජීවය ලබමින්
මගේ හිත් මල පීදෙන්නේ
මියෙන තුරු මට නුඹේ පහසෙම
දැවටිලා ඉන්නයි ඕනේ..
No comments:
Post a Comment