කුරිරු මිනිස් ක්‍රියාකලාප වෙනුවෙන් වන්දි ගෙවන අහිංසක මිනිස් ජීවත - Sinhala Poem
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
අවසන් වුණාලු යුද්දයක්
බයෙන් ගුලිවෙලාලු මිනිසුන්
දිවි ගෙව්වෙ අවුරුදු තිහක්..
ඔයා නම් මගෙ බඩේ එතකොට
අම්මා කිව්වෙ මට දිනක්
පාරවල් දිග සැමරුවලු සතුට
කිරිබතුත් කාලා හුඟක්..
මම නම් දන්නා යුද්දයක් නැත
තාම මට අවුරුදු අටක්
ආයෙමත් පිපිරෙනවා බෝම්බ
අනේ මට නෑ තේරුමක්..
වෙනද නම් මං පිම්මෙ දුවගෙන
යනවා අයියලා පහු කරන්
දැන් ඉතිං ඉන්නවා හිටගෙන
බලලා දෙනකම් අපෙ බෑග්
මං ගාව ඇති බෝම්බයක් නැත
ඊයෙත් මං හිතුවා හුඟක්
ඒත් කවුරුත් එය දන්නේ නැත
බලයි බෑග් අයියලා හෙටත්..
No comments:
Post a Comment