Sunday, 19 May 2019

ලඳේ මුලා වී ගියා නම් - Sinhala short story by pramodi peramuna

ලඳේ මුලා වී ගියා නම් - Sinhala short story


"කව්ද බබා ශෙහාන් කියන්නෙ..?"

මං දවසක් එයාගෙන් ඇහුවෙ නිකමට වගේ.

"මොන..?"

එයා ඇහුවෙ ඒ වගේ නමක් ඇහුණ පළවෙනි දවස අද වගේ. 


"ඇයි අනේ අර ඔයා දාන හැම එකටම කමෙන්ට් දාන පොර. අර ශෙහාන් මුනසිංහ ද කව්ද කියලා. ඇයි දැන් ටිකකට කලිනුත් ඔයාගෙ පෝස්ට් එකකට හාර්ට් එකක් දාලා තිබ්බෙ. ඇයි ඔයා ඒකට රිප්ලයි කරලත් තිබ්බෙ.."

මං එකපාරින්ම එයාට ශෙහාන් කාරයගෙ මුළු විස්තරේම මතක් කරලා දුන්නා. දැන් ඉතිං පුළුවන් නම් තවත් කියපංකො ඌව දන්නෙ නෑ කියලා. මං හිත යටින් හිනා වෙන ගමන් එහෙම හිතුවා.

"ආහ් එයාද? ඒ මගේ යාළුවෙක් අනේ.."

එයා කිව්වෙ ඒක කිසිම ගානක් නෑ වගේ. ඒත් එයා හිත යටින් කොච්චර කැළඹිලා ද  හිටියෙ කියලා මං හොඳටම දැනගෙන හිටියා. 

"යාළුවෙක්..? කව්ද ඔයා අඳුරන කෙනෙක්ද..? ඔයා මට එහෙම කෙනෙක් ගැන කියලා නෑනෙ. මං ඔයාගෙ යාලුවො සේරම දන්නවනෙ.."

මං හරි සැහැල්ලුවෙන් එහෙම ඇහුවෙ ඇත්තටම එයාට ඉන්න යාළුවො ඔක්කොම මාත් අඳුරන හින්දා. 

"අයියෝ අනේ ඒ fb එකේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. We are just friends අනේ.. වෙන මොකුත් නෑ එතන.. මොනා වෙලාද ඔයාට අද මේ. කොහෙවත් යන මිනිහෙක් අල්ලන් දඟලන්නෙ."

"අනේ නෑ මං මේ නිකමට වගේ ඇහුවෙ.."

තවත් ඒ ගැන අහලා එයාව අපහසුතාවයට පත් කරන්න ඕනෙ නැති නිසා මං ඒ කතාව එතනින් නැවැත්තුවෙ උඹ නිළියක් වෙන්න පුළුවන් ඒත් මං ඊට වඩා හොඳ නළුවෙක් කියලා හිතලා.

ආහ් මට කියන්න අමතක වුණා. මේ කතා බහ ඇති වෙන්න ටික දවසකට කලින් එයා තව දෙයක් කරා. එයාගෙ profile වල දාලා තිබ්බ අපේ Relationship status වෙනස් කරලා ආයෙත් Single කියලා දාගෙන තිබුණා. 

මං ඇහුවම එහෙම කරේ ඇයි කියලා, එයා කිව්වේ, අනේ යාළුවො මට විහිලු කරනවා අනේ දැන්ම ඒවා දාගෙන ඉන්නවා කියලා. ඒ නිසා මං ඒක අයින් කරා කියලා. 

අනේ කෙල්ලෙ උඹට හොඳ නම් මටත් මොකද කියලා මං ඒකටත් මොකුත් නොකියා හිටියා.

එයා යන පාර වැරදියි කියලා දැනුණ නිසා දවසක් මං එයාගෙ තියෙන Social media accounts වල passwords ඉල්ලුවා. එතකොට එයා කිව්වේ මටත් කියලා privacy එකක් තියෙනවනෙ ඇයි අනේ ඔයාට මාව විශ්වාස නැද්ද කියලා.

මටත් වඩා මට උඹව විශ්වාසයි මැණික කියලා මං එයාගෙ passwords එයාටම තියාගන්න කියලා නිකං හිටියා.

හැමවෙලේම එයාව Online පෙන්නලත් එයාගෙන් එක Reply එකක් වත් නැති වෙද්දි මං ඒ ගැන එයාගෙන් ඇහුවම එයා කිව්වෙ මේ යාළුවො එක්ක group chat එකක් අනේ, ඔයාට ටිකක් ඉවසලා ඉන්නම බැරිද කියලා.

මට නම් උඹ වෙනුවෙන් ඕනෙ තරම් කාලයක් ඉවසන්න පුළුවන් කියලා මං පාඩුවෙ හිටියා.

ඒත්, ඒ වෙලාවෙත් එයා හිටියෙ ශෙහාන් කාරයා එක්ක චැට් එකේ කියලා මං නොදැන හිටියා නෙමෙයි. 

උඹ කියන හැමදේම පිළි අරගෙන පැත්තකට වෙනකොට උඹ හිතන්න ඇති නේද මං මෝඩයෙක් කියලා. උඹ හිතෙන් මට හිනා වෙන්න ඇති. මං මෝඩයෙක් වෙන්න පුළුවන් ඒත් මං උඹ තරම් නම් මෝඩ නෑ මැණික.

ඒ විදිහට දවස් ගෙවිලා යද්දි එක දවසක, එයාගෙ හැමදේම හොයලා බලපු, එයා කනකම් කෑම කටක්වත් නොකා හිටපු, හැමදේටම හෙවනැල්ලක් වගේ පස්සෙන් හිටපු, මේ මාව එයාගෙ අතින් Block වුණා. නෑ එයා හිතලම එහෙම කරා.

උඹ මට වඩා ශෙහාන් කාරයට පණ වගේ ආදරේ කරන්න ගත්තෙ ඌ රූපෙන් මට වඩා ලස්සන නිසා වෙන්න ඇති නේද සුදු මැණික. ඌ මං තරමටම උඹ ගැන හොයලා බලනවා ඇති නේද. සමහර විට මටත් වඩා හොයනවා බලනවා ඇති. ඒ නිසා නේද මැණික උඹ මට දෙන්න බෑ කිව්ව passwords සේරම ඌට එක පාරින්ම දුන්නෙ. කමක් නෑ ඌ මට වඩා උඹට ආදරේ කරනවා ඇති. ඒ ආදරේ උඹට මගේ ආදරේට වඩා දැනෙනවත් ඇති. ඒ නිසා වෙන්න ඇති උඹ මට නොපෙන්නපු දේවලුත් ඌට පෙන්නන්න ගත්තෙ. 

ඒත් උඹ දන්නවා නම් උඹ හැමවෙලේම පිස්සුවෙන් වගේ soo handsome, cute කියලා කමෙන්ට් දාන ශෙහාන් කාරයගෙ profile එකේ තියෙන photos වල ඇත්ත අයිතිකාරයා indian model කෙනෙක් කියලා, උඹ දන්නවා නම් ශෙහාන් මුනසිංහ කියන්නෙ සඳරු තිවංකටමයි කියලා උඹ වහ කයි.

උඹ නොදන්නවා වුණාට උඹ මේ පණ ඇරගෙන ආදරේ කරන්නෙ මගේම fake account එකට මැණික.

*********************************************************************************************************************************************************************

පරවුනාම මලේ සුවඳ නෑ
බොරවුනාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසය නෑ
හැරගියාට මා තනිවුණෙ නෑ..

ලඳේ මුලා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්...

Short story by Pramodi Peramuna 💜️


පියාසරන සිතුවිලි - Flying Thoughts ☁

5 comments:

Anonymous said...

Ada kaleta galapenwa story ekak...��nice story..

Unknown said...

Nice story. Me kaalayata hodhata gelapenawa... keep it up.

Unknown said...

Nice story. Me kaalayata hodhata gelapenawa... keep it up.

Pramodi Peramuna said...

Thank you ❤️

Pramodi Peramuna said...

Thank you ❤️