නමුණුකුලින් හන්තානට - Sinhala poem
හන්තාන මුදු සිසිල
හෙමින් ගත දවන විට
මගේ උණුසුම් සුසුම
ඔබට සිහිවෙන බව දනිමි..
මාත් තනියෙන්ම අද
නමුණුකුල අහස යට
නුඹේ ආදර පහස
තුරුලට අරගෙන සිඹිමි..
අප දෙඅත පටලගෙන
ඇවිදගෙන ගිය මතකය
සිහිකරනෙමි දැක දැක
සරසවියෙ පෙම්වතුන්..
ආයෙමත් ඉක්මනට
නුඹ අතේ පැටලෙන්න
දින ගණින මේ දෙඅත
හිඳිනවා මඟ බලමින්..
හැම විටම සිහිකරන
නුඹේ මේ මතකයෙන්
දුරලා ගන්නට වෙහෙසෙමි
දැනෙන මේ තනිකම..
ඉවසා හිඳින්නම් මෙහෙම
ඉතිරි කෙටි කාලයත්
උදා වන තුරු අපට
අනාගත රන් අරුණැල්ල..
Poem by Pramodi Peramuna 💜️
(Special thanks for Nadeesha)
1 comment:
👌👌
Post a Comment