හංගාගෙන සිටියා මා සිතක කොනේ - Sinhala Short Story
"අනේ අනේ තාම බත් පිගානට අතවත් තියලා නෑ.. උඹ අදත් උපවාසෙ පටන් ගත්තද..?? බලපන් දැන් වෙලාව කීයද කියලා..හතරත් පහුවෙලා.."
"කන්න තරම් හිතක් නෑ චේති.."
"ඇත්තටම මේධා උඹට පිස්සුද..?? මොකද්ද මේ නොකා නොබී නටන නාඩගම.. කී දවසක් නම් ඔහොම නොකා නොබී කල්පනා කරන්නද.. දහ දුක් විදලා අම්මලා අපිව කැම්පස් එව්වේ ඉගෙන ගන්න මිසක් එකේකා නිසා මෙහෙම නොකා නොබී දුක් විදින්න නෙමෙයි.."
"අ.. අනේ චේති.."
"ඔය බලපන් උඹ ආයේ අඬනවා.. මොකද්ද බං මේ.. මේධා මේ අහපන්.. උඹ ඔහොම දුක් විදිද්දි උඹේ හොදම යාලුවා විදිහට මං බලාගෙන ඉන්නෙ කොහොමද කියපන්.. ඇයි බං උඹ අපිට මෙහෙම දුක් දෙන්නේ.. කියපන්..??"
"ම..මට.. කසුන් වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලාගෙන ඉන්න බෑ චේති.."
"ඉතින් උඹමනේ බං පස්ස ගැහුවේ.. ඌත් උඹට කැමැත්තෙන් හිටපු වෙලාවෙ උඹේ හිතේ තිබ්බ දේ කෙළින්ම ඌට කිව්ව නම් මේ ප්රශ්න මොකුත් නෑනේ බං.. දැන් බොරුවට අඬලා වැඩක් තියෙනවද.."
"අනේ මට එයාව ඔනේ චේති.. මං එයාට ආදරෙයි.."
"අනේ මට තේරෙන් නෑ බං උඹට මොනා කියන්නද කියලා.."
...ටුක් ටුක් ටුක්...
"චේති කව්ද ඇවිත්.."
"සචී වෙන්න ඇති.. උඹ ඔහොම හිටපන් මං බලන්නම්.. ප්ලීස් දැන්වත් ඔය කදුළු පිහද ගනින්.."
'
'
'
'
'
"ක..කසුන්.."
"මොකද චේති මේ බය වෙලා.. කෝ මේධා..?? අද lectures ආවෙත් නැති හින්දා මං මේ බලන්න ආවේ මොකුත් අසනීපයක්ද කියලා.."
"මේ ඉන්නේ කසුන්.. එන්න ඇතුළට.. දොරකඩ හිටියට මේධාව පේන් නෑ.."
'
'
'
'
'
"මේධා.. මොකද මේ අදුරන් නෑ වගේ බිම බලාගෙන.."
"එයා දැන් ටික දවසක ඉදන් ඔහොම තමයි කසුන්.. නොකා නොබී උපවාස කරනවනේ.."
"මේධා.. ඔයා ඇඬුවද..?? කෝ මෙහෙ බලන්න.. කෝ.. මොනවා.. අනේ චේති මෙන්න මේකි හොදටම අඬනවා.. මේධා.. කතා කරන්නකො ඇයි මේ අඬන්නේ..??"
"මෙයාගෙ ලෙඩේට බෙහෙත් තියෙන්නේ ඔයා ගාවම තමයි කසුන්.. අපිට ඕවට කරන්න පුළුවන් දෙයක් නෑ.. ඔයාට පුළුවන් නම් මේ කෙල්ලගෙ හිත හදන්න.. සචී එනවා කිව්වා මං පොඩ්ඩක් පාර පැත්තට ගිහින් එන්නම්.."
'
'
'
'
'
"පිස්සි ඇයි මේ අඬන්නේ කියනවා.."
"මොකද කතා කරන් නැත්තේ.. මේධා මං අහපු දේ ඇහුන් නැද්ද.. ප්ලීස් කතා කරන්න මේධා.. කියන්න මොකද්ද ඔයාට තියෙන ප්රශ්නේ.."
"අ..අනේ කසුන්.."
"ඔය බලන්නකෝ ඒ පාර තව හයියෙන් අඬනවා.. මොකද ළමයෝ ඔයාට වෙලා තියෙන්නෙ..??"
"ක..කසුන්.."
"ඔව් මේධා කියන්න.. මං අහන් ඉන්නේ.. මොකද්ද ප්රශ්නේ.."
"මං දන්නවා කසුන් ඔයා අයිති වෙන කෙනෙක්ට කියලා.. ඒත් මට ඔයාව ඔනේ කසුන්.. මට ඔයා නැතුව ඉන්න බෑ.. ම..මං ඔයාට ආදරේ කරනවා.. ඇ..ඇත්තමයි ගොඩාක් ආදරේ කරනවා.. ඔයාට හිතාගන්නවත් බැරි තරම් මං ඔයාට ආදරෙයි කසුන්.. කවුරුත් ඔයාට මං තරම් නම් ආදරේ කරන එකක් නෑ කසුන්.."
"මේ..මේධා ඔ..ඔයා මොනවද මේ කියවන්නේ.. මට මොකුත් තෙරෙන් නෑ.."
"මං දන්නවා කසුන් ඔයා වෙන කෙනෙක්ගෙ කියලා.. ඒත් මට මේක තවත් හිතේ හිර කරගෙන දුක් විදින්න බෑ කසුන්.. ඒ නිසයි මං කිව්වේ.. අනේ මට සමාවෙන්න කසුන්.. ප්ලීස් මට සමාව දෙන්න.."
"මේධා ඔයාට මං කියපු දේ තේරෙන් නෑ.. ප්ලීස් අඬන්න එපා.. මට තේරෙන් නැත්තේ එක දෙයයි.. ඔයා මේ කවුරු ගැනද කියවන්නේ..?? මාව අයිතියි කියන්නේ කාටද..?? මට ඒක කියන්න.. කව්ද ඔයාට එහෙම දෙයක් කිව්වේ.."
"ඇ..ඇයි කසුන් ඔයාමනේ එදා මට කිව්වේ ඔයා කෙනෙක්ට පණ වගේ ආදරේ කරනවා කියලා.. ඔයාගෙ හිතේ ඉන්නෙ එයා විතරයි කියලා.. මට ලගදිම එයා කව්ද කියලා කියන්නම් කියලා.."
"ආහ්.. එහෙනම් ඒකයි මේ.. එදා ඉදන්ද මේ නොකා නොබී උපවාස කරන්නේ.. හයියෝ මෝඩ කෙල්ල.. දන්නවද ඒ කව්ද කියලා.."
"න්..නෑ.. ප්ලීස් කසුන් මට එයා ගැන කියන්න එපා මට දරා ගන්න බැරි වෙයි.. ප්ලීස්.."
"පිස්සි.. මේ අහනවා එයා තමයි මගේ ජීවිතේ ගැන හැමදෙයක්ම දන්න එකම කෙල්ල.. අම්මට පස්සේ මං මගේ ජීවිතේට හුගාක්ම ලං කරගත්ත එකම කෙල්ල.. මට ආපු හැම ප්රශ්නෙකදිම මගේ ලගින් හැමදාමත් හිටපු කෙල්ල.. කැම්පස් එකට අඩිය තිබ්බ දවසෙ ඉදන් අද වෙනකම් මගේ පස්සෙන්ම හිටපු කෙල්ල.. මගෙන් ටොකු කකා පාඩම් අහ ගත්තු මෝඩ කෙල්ල.. ඔයා අදුරනවද මේධා එයාව..??"
"ක..කසුන්.."
"ඒයාගේ නමත් කියන්නද.. එයාගේ නම තමයි.. "මේධාවී.." දැන් අදුරගත්තද..?? මං එදා කිව්ව වෙන කවුරුවත් ගැන නෙමෙයි මේධා.. ඔයා ගැන.."
"අ..අනේ කසුන්.."
"ඔව් මේධා ඒ ඔයා.. දැන් අඬන්න එපා හොද ළමයනේ.. මාව කවදාවත් ඔයාට නැති වෙන් නෑ.. මං හැමදාම ඔයා ගාව ඉන්නවා.."
"ම..මං ආදරෙයි කසුන්.. ගොඩාක් ආදරෙයි.."
"ඊටත් වඩා මං ආදරෙයි මේධා.."
******************************************************************************************************************************************************************************
"හංගාගෙන සිටියා මා සිතක කොනේ
නොවෙනස් ගැගුමක් වේ ඔබම කෙරේ
හීනයෙන් පවා නම කියැවුණා ඔබේ
හීනෙටත් වඩා අද ආදරෙයි මා.."
(ගීතය උපුටා ගැනීමකි.)
Short story by Pramodi Peramuna 💜️
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවීමට මෙතන Click කරන්න.
1 comment:
Woo ♥️
Post a Comment