නොවෙනස් මිතුරා - Sinhala Poem
සිටියා දෙවසරක් මගෙ සකි සඳ වීලා
මුල් දින සිටිය පොඩි නුඹ දැන් ලොකු වීලා
එනමුත් හුරතලේ නම් නෑ අඩු වීලා..
පිටතින් දකින සැමටම සිනහා පාලා
නුඹ ලඟ පමණි දුක කීවේ හඬගාලා
දුක පිරි දිනේ නෑ ගියෙ මා තනිකරලා
කඳුළුයි දුටුවෙ නුඹ මගෙ සිනහවට වඩා..
දිවියේ රහස් සියල්ල හොඳටම දන්නා
එකම සුමිතුරා නුඹ විය මට සැමදා
ආවේ නුඹ දමා සිතකින් නොවේ එදා
නුඹ නැති අඩුව දැනේවි මගෙ දිවිය පුරා..
මිනිසුන් ලඟ නැති ගුණ නුඹ ලඟ තිබුණා
දවසින් දවස ආදරෙ නුඹෙ වැඩිවූවා
සසර ගමනෙ මතු උපදින භවයෙ සදා
මගෙ දඟ මල්ල මිනිසෙකු වී ඉපදේවා..
Poem by Pramodi Peramuna 💜️
තවත් කවි හා නිසඳැස් කියවන්න මෙතන click කරන්න.
No comments:
Post a Comment