Thursday, 4 June 2020

මගෙ පුතේ.. - Sinhala Poem by Pramodi Peramuna

මගෙ පුතේ.. - Sinhala Poem

 


(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

පහේ සිප් කඩඉම
ඉහළින්ම නුඹ ජයගෙන
ඇවිත් අපගේ දෙපා වැඳි හැටි
මතකයි අද වගේ මට..

යස ඉසුරු වෙනුවට
තිබුණෙ අත්වල කරගැට
සියලු දුක් ගිනි තනිව විඳගෙන
සිනා දුන්නේ නුඹ හට..

නගරෙ පරසිඳු පාසලට
නුඹව ගෙන ගිය මුල් දින
මැවී පෙනුණා මගෙ පුතේ මට
ලොව දිනන හැටි හෙට නුඹ..

කර දඬු නඟී එනකොට
නවත්තා පොතට කළ පෙම
දිව ගියා විස මතට ලොල් වී
අපේ හීන පාගා නුඹ..

නැත එදා සිට අපට
කඳුළු අඩු දිනක් තවම
රජෙක් කරන්නට පැතූ නුඹ අද
දවස ගෙවනවා වැලිකඩ..

Poem by Pramodi Peramuna 💜️




තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.

කතා කියවීමට මෙතන click කරන්න.

පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: