Thursday, 4 March 2021

පියනඟනෙමි මම නුඹගෙන් ඈතට.. ❤️ Sinhala Free Verse by Pramodi Peramuna

පියනඟනෙමි මම නුඹගෙන් ඈතට.. ❤️ Sinhala Free Verse 



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


මතකය අරගෙන
සින්නක්කරයට
පියනඟනෙමි මම
නුඹගෙන් ඈතට..
සිනාවකින් 
සරසාගන්නම් මුව
දෙනෙත් පියා
කඳුළැල් සිර කරගෙන..
තුරුලට අරගෙන 
තනියට තනිකම
නුඹ නැති ඉමකට
යා යුතුමය මම..
අප පමණක්
දන්නා අප මතකය
මකාවි හෙට දින
මා හද තනිකම..❤️


"ජීවිතේ සමහර හමුවීම් හමු නොවී තිබුණා නම්, සමහර බැඳීම් ඇති නොවී තිබුණානම් දහසකුත් විඳවන හදවත් අදටත් සතුටිනි.."


Free Verse by Pramodi Peramuna 💜️



ප.ලි. -

හැමෝටම වගේ මෙහෙම කතාවක් ඇති.. අහිමිවීමක් එක්ක දරාගන්න බැරි වේදනාවක් ඇති.. වචනවලට පෙරලගන්න බැරි වුනු.. 🙂


තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.


කතා කියවීමට මෙතන click කරන්න.


My Thought වෙත පිවිසීමට මෙතන click කරන්න.


පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: