පුංචි මල්ලියෙක්.. Sinhala Free verse
පුංචි මල්ලියෙක්
තරම් වස්තුවක්
තවත් වේදෝ
අක්කෙකුට
රණ්ඩු වුවමුත්
නොමියන සෙනෙහස
වෙන කුමක්දෝ
සොයුරු පෙම මිස
හදවතේ..
Free Verse by Pramodi Peramuna 💜️
ප.ලි.
අක්කෙකුගේ ආදරය සුවිසල් ය. මතුපිටින් බැලුවාට නොපෙනුණ ද හිත් ගැඹුරේ සැඟවී ඇති ආදරය කෙතරම් දැයි දන්නේ ඇයම පමණය. රණුඩු වෙන හැම වාරයක් පාසාම ඒ ආදරය තව තවත් දළුලා වැඩෙන බව බාල සොයුරු සොයුරියන් නොදන්නවා වන්නට ඇත. ඒහෙත් අක්කා ඔවුන්ගේ දෙවැනි මව මෙන් ඔවුනට ආදරය කරනු ඇත.
-Pramodi Peramuna- 💜️
(ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
My Thoughts වෙත පිවිසීමට මෙතන click කරන්න
කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න
☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁
2 comments:
♥️♥️
Thank you ❤️
Post a Comment