Wednesday, 17 August 2022

අරුමයකි මේ සෙනෙහස..❤️ Sinhala Poem by Pramodi Peramuna

අරුමයකි මේ සෙනෙහස..❤️ 
Sinhala Poem by Pramodi Peramuna



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


අහඹුවක් ලෙස හමුවුණ

ඇසට ඇස මුණ නොගැසුණ

අරුමයකි මේ සෙනෙහස 

හුරුපුරුදු බව ගෙන එන..

Wednesday, 7 April 2021

කොළඹ අහස යට එක දවසක්.. Sinhala Free Verse by Pramodi Peramuna

 කොළඹ අහස යට එක දවසක්.. Sinhala Free Verse



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

Thursday, 4 March 2021

පියනඟනෙමි මම නුඹගෙන් ඈතට.. ❤️ Sinhala Free Verse by Pramodi Peramuna

පියනඟනෙමි මම නුඹගෙන් ඈතට.. ❤️ Sinhala Free Verse 



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


මතකය අරගෙන
සින්නක්කරයට
පියනඟනෙමි මම
නුඹගෙන් ඈතට..
සිනාවකින් 
සරසාගන්නම් මුව
දෙනෙත් පියා
කඳුළැල් සිර කරගෙන..
තුරුලට අරගෙන 
තනියට තනිකම

Saturday, 27 February 2021

පුංචි මල්ලියෙක්.. Sinhala Free verse by Pramodi Peramuna

පුංචි මල්ලියෙක්.. Sinhala Free verse 






පුංචි මල්ලියෙක් 
තරම් වස්තුවක් 
තවත් වේදෝ 
අක්කෙකුට
ලෝකයේ..

Sunday, 14 February 2021

වැලන්ටයින් - Sinhala Free Verse by Pramodi Peramuna

වැලන්ටයින්  - Sinhala Free Verse 



 (ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


පිවිතුරු ආදරය කඩපිල්වල 
වෙන්දේසි වන,
ආදරය හැරුණු කොට 
අන් හැමදේම තිබෙන,
අරුම පුදුම දිනය..,

Sunday, 31 January 2021

දිනා දෙන්නම් නුඹේ පැතුමන් - Sinhala short story by Pramodi Peramuna

දිනා දෙන්නම් නුඹේ පැතුමන් - Sinhala short story 



අන් සියලු දෑ මෙන් නින්දත් මා හැර දමා පලා ගොස් ය.හුරුපුරුදු හුදෙකලාව අවනඩුවක් ලෙස මා නොදකින්නේ දිවිය පුරාවට සෙවණැල්ලක් මෙන් ලඟින් සිටින එකම දෙය එයම වන නිසාවෙනි.. හෙට එළැඹෙන්නේ අලුත් දිනයකි. එහෙත් මට අලුත් බලාපොරොත්තු නැත. සෑම දිනයක් මෙන්ම හෙට දිනයද ඔහේ ගෙවී යනු ඇත. ඉතින් ඒ ගැන සිතා මගේ සිත වෙහෙස කරගන්නේ කුමකටද..?


මාගේ මුහුණට මුහුණලා බිත්තියේ එල්ලී තිබෙන සේයාරුවේ වූ මාගේම සිනහව මා හට සරදම් කරන්නාක් මෙන් මට හැඟේ. බරට අතෙහි දරා සිටින කුසලානයෙත් ගෙලෙහි රන්ඳාගෙන සිටින පදක්කම් ගොන්නෙහිත් අභිමානය ඒ මුහුණෙන් මනාව පිළිබිඹු වේ. මෙතරම් අන්ධකාරයක වුවත් තියුණු ලෙස කැපී පෙනුණු ඒ අභිමානය මුසු වූ ගාම්භීර සිනහව මාගේ හදවත සියුම් ලෙස වේදනාවෙන් සිඳුරු කරමින් සිටී.


එදා මෙදා තුර මා අත, ගෙල දැවටුණ සම්මාන පදක්කම් සියල්ල යළිත් කිසිදිනෙක පිටතට නොඑන්නට කබඩයක සිරකර දැමුවේ මගේ ජීවිතයේ තිබූ ලොකුම බලාපොරොත්තුව සදහටම සිහිනයක් වූ වේදනාව යළි යළිත් සිහිවීම මඳකට හෝ නවතාගැනීමේ පර්මාර්ථයෙනි. එහෙත් එය නිශ්ඵල ක්‍රියාවකි. සියලු මතකයන් එකට පොදි ගැහුනු මතක ගබඩාව මගේ හිතය. අන් සියලු දෑ මෙන් ඒ හිත කබඩයක සිරකර දොරගුළු ලා හැකිද..?